චීන-තායිලන්ත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කර නැගී එන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ද ශක්තිමත් කළ යුතු ය - චීන ජනපති
2024-11-16 09:58:13
Share with:

චීන - තායිලන්ත දෙපාර්ශ්වයේ සහයෝගී ව්‍යාපෘතියක් වන චීන-තායිලන්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කළ යුතු බවත්, නව බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය සහ කෘත්‍රිම බුද්ධිය වැනි නැගී එන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි. පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී තායිලන්ත අගමැතිනි Paetongtarn Shinawatra මහත්මිය හමුවෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගි වීමට ලීමා නගරයට ගොස් සිටින අතරතුර එම හමුව සිදුවිණ.

චීනය සහ තායිලන්තය සමීප සහ මිත්‍රශීලී අසල්වැසියන් වන අතර, " එකම පවුලක් " යන සංකල්පය සමගින් දිගු කාලයක් තිස්සේ මනා සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇත. 2022 වසරේ සිදු කළ තායිලන්ත සංචාරයේදී හවුල් අනාගතයක් සහිත චීන-තායිලන්ත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා තායිලන්ත නායකයන් සමග වැදගත් එකඟතාවන්ට එළඹි බව හෙතෙම පැවසීය.

එළඹෙන වසරේ චීන-තායිලන්ත රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ  50 වන සංවත්සරය යෙදී ඇති අතර ද්විපාර්ශ්වික මිත්‍රත්වයේ ස්වර්ණමය වසරද සනිටුහන් කරනු ඇත. එබැවින් සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයමින්, තායිලන්තය සමග එක්ව දෙරට සංවර්ධන උපායමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම් බව ෂී ජින් පිං මහතා කියාසිටියේය. හවුල් අනාගතයක් සහිත චීන-තායිලන්ත ප්‍රජාවක් ගොඩනැගීම සඳහා පාලන අත්දැකීම් පිළිබඳ හුවමාරු ශක්තිමත් කිරීම, විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම නවීකරණ ක්‍රියාවලිය සහයෝගයෙන් යුතුව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කෙරේ. ‍

ආසියාන් සහ කලාපීය ජාතීන්ගේ සමගිය සහ සහයෝගීතාවය ආරක්ෂා කරමින්, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය වෙනුවෙන් Lancang-Mekong සහයෝගීතාව, ASEAN, BRICS සහ APEC වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් තුළ තායිලන්තය සමග සම්බන්ධීකරණය සහ සන්නිවේදනය ශක්තිමත් කිරීමට ද චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී Paetongtarn Shinawatra මහත්මිය කියාසිටියේ වර්තමාන ලෝකය මෙන්ම කලාපය ද මුහුණ පා ඇති සංකීර්ණ තත්ත්වයන් හමුවේ, චීනය ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් මාලාව උපායමාර්ගික ඉදිරි දැක්මකින් යුතු බවත් එය ජාත්‍යන්තර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට හිතකර වන බවත්ය.

රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සහ මිත්‍රත්වයේ ස්වර්ණමය වසර අවස්ථාවක් කර ගනිමින් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ. එය ඉදිරි වසර 50 තුළ ද තායිලන්ත-චීන සබඳතා සඳහා දීප්තිමත් අනාගතයක් නිර්මාණය කරනු ඇති බව ඇය පැවසුවාය.

චීනයේ සාර්ථක සංවර්ධන අත්දැකීම් උකහා ගනිමින්, තායිලන්ත-චීන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මෙන්ම එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිවල සහයෝගිතාව ඉදිරියට ගෙනයමින් සංස්කෘතික හා මානව හුවමාරුව ශක්තිමත් කර, සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ඇය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241116සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
'; _html+= '
'; _html+= ''+ data.list[i].title +''; _html+= '
'; } //console.log("212321"+_html) $elem.html(_html); } }); })
සබැඳුම