චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චිලී ජනරජයේ ජනාධිපති Gabriel Boric මහතා හමුවෙයි. එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිණ.
එහිදී ෂී ජින් පිං මහතා සඳහන් කළේ, චීන මහජන සමූහාණ්ඩුව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකරගත් පළමු දකුණු ඇමරිකානු රට චිලී ජනරජය බවයි. ලබන වසරට දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 55 වැනි සංවත්සරය යෙදී ඇත. එය වටිනා අවස්ථාවක් කර ගනිමින් දෙරට අතර උපායමාර්ගික හවුල්කාරිත්වයේ නව සහ විශාල සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීමටත්, දෙරට ජනතාවට වඩා මනා ප්රතිලාභ ලබා දීමටත් චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනාධිපතිවරයා පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය සහ ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතාව වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් තුළ චිලී ජනරජය සමග සන්නිවේදනය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම චිලී රාජ්‍යය සමග එක්ව විවෘත, ශක්තිමත්, සාමකාමී සහ අංගසම්පූර්ණ ආසියා පැසිෆික් ප්‍රජාවක් එක්ව ගොඩනැගීමට ද, චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.
එහිදී Gabriel Boric මහතා පෙන්වා දුන්නේ, තම රට සහ චීනය අතර සමීප සබඳතාවක් ඇති අතර, ඵලදායී ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවයක් ද ක්‍රියාත්මක වන බවයි. එකම චීනය මූලධර්මය චිලී ජනරජය දැඩිව පිළිගනී. "විස්තීරණ සහ ප්රගතිශීලී පැසිෆික් හවුල්කාරිත්ව ගිවිසුම"ට සහ "ඩිජිටල් ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම"ට චීනයේ ප්‍රවේශය සඳහා සිය රට සහාය දක්වන බව ද හෙතෙම පැවසීය. APEC වැනි බහුපාර්ශ්වික රාමුවලදී චීනය සමග සමීප සන්නිවේදනයක් පවත්වාගෙන යාමට මෙන්ම, ආරක්ෂණවාදයට ඒකාබද්ධව විරුද්ධ වෙමින් ගෝලීය නිදහස් වෙළඳාම, නිෂ්පාදන හා සැපයුම් දාමවල ආරක්ෂිත හා සුමට ගලායාම පවත්වා ගැනීමට ද, තම රට කැමැත්තෙන් සිටින බව, Gabriel Boric මහතා සඳහන් කළේ ය.