චීන ජනපති හා ජපාන අගමැති අතර හමුවක්
2024-11-16 11:07:58
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජපාන අග්‍රාමාත්‍ය Ishiba Shigeru මහතා හමුවෙයි. එම හමුව පේරු වේලාවෙන් 15වැනිදා ලීමා අගනුවරදී පැවැත්විණ. ෂී ජින් පිං මහතා එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට එක් වන අතරතුර එම හමුව සිදුවිණ.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ, චීනය සහ ජපානය අතර දේශපාලන ලියවිලි හතරේ ස්ථාපිත මූලධර්ම හා මඟ පෙන්වීම්වලට අනුව ස්ථාවර චීන-ජපන් සබඳතා ගොඩනැගීමට, ජපානය සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි. දෙරට  අන්‍යෝන්‍ය සමීප හවුල්කරුවන් වන අතර එකිනෙකාට තර්ජනයක් නොවන අයුරින් වැදගත් සම්මුතීන් තහවුරු කිරීමට චීනය අපේක්ෂා කරයි. දෙපාර්ශ්වය ඇති කර ගත් වැදගත් දේශපාලන එකඟතාවය, නිශ්චිත ප්‍රතිපත්ති සහ ප්‍රායෝගික ක්‍රියාවන් ලෙස ඉදිරියට ගෙන යාමටත්, ඉතිහාසය සහ තායිවානය වැනි කේන්ද්‍රීය ගැටළු නිසි ලෙස විසඳා ගැනීමටත් බලාපොරොත්තු වන බව චීන ජනපතිවරයා සඳහන් කර තිබේ. දෙපාර්ශ්වයම සහයෝගීතාව හා අන්‍යෝන්‍ය යහපතට අනුගත විය යුතු බවත්, ගෝලීය නිදහස් වෙළඳ පද්ධතියේ සහ නිෂ්පාදන හා සැපයුම් දාමවල ස්ථාවරත්වය සුමටව ආරක්ෂා කළ යුතු බව ද ෂී ජින් පිං මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එහිදී Ishiba Shigeru මහතා පෙන්වා දුන්නේ, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන්, 1972 ජපන්-චීන ඒකාබද්ධ ප්‍රකාශය පිළිපැදීමේ ජපානයේ ස්ථාවරය කිසිසේත්ම වෙනස් වී නොමැති බවයි. ජපානය සහ චීනය අතර දේශපාලන ලියවිල් හතරේ ස්ථාපිත මූලධර්ම හා එකඟතාවයට ද ජපානය අනුගත වනු ඇත. ඉතිහාසයට නිවැරදිව මුහුණ දීමේ සහ අනාගතයට මුහුණ දීමේ හරය තුළ, චීනය සමග සෑම මට්ටමකින්ම අවංක සංවාද පැවැත්වීමට ජපානය කැමැත්තෙන් සිටී. චීනය සමග සබඳතා දුරස් කිරිමට ජපානයට කිසිදු අදහසක් නොමැති බව, Ishiba Shigeru මහතා එහිදී කියා සිටියේ ය.

Fukushima න්‍යෂ්ටික බලාගාරයෙන් අපද්‍රව්‍ය ජලය මුහුදට මුදා හැරීම සම්බන්ධයෙන් ඇති වූ එකඟතාව හැකි ඉක්මනින් ක්‍රියාවට නංවන බව ද දෙපාර්ශ්වය ප්‍රකාශ කළහ.

ගුවන් විදුලිය
20241116සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
'; _html+= '
'; _html+= ''+ data.list[i].title +''; _html+= '
'; } //console.log("212321"+_html) $elem.html(_html); } }); })
සබැඳුම