7 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) නිමාවට පත් විණ. දත්තවලට අනුව, මෙහිදී ප්‍රගතීන් රැසක් අත් කර ගෙන ඇත. එකඟතාවන්ට ලක් වූ වෙළඳ වටිනාකම ඇ.ඩො. බිලියන 80.01ක් වන අතර පසුගිය වසරේ එම අගයට සාපේක්ෂව 2.0%කින් වර්ධනය වී තිබේ. රටවල් හා කලාප 129ක ව්‍යපාර ආයතන 3496ක් ප්‍රදර්ශනයට එක් ව සිටියේය. ලෝකයේ ප්‍රමුඛතම ව්‍යාපාර 500ට අයත් ප්‍රබල ව්‍යවසායන් හා ඇතැම් ක්ෂේත්රවල ප්‍රවීණ ව්‍යවසායන් ඓතිහාසික වාර්තාමය සංඛ්‍යාවක් වීම ද විශේෂත්වයකි. එසේ ම, ව්‍යාපාර හා ආයතන 186ක් ප්‍රදර්ශන 7ට ම සහභාගී වූ අතර, නව නිපැයුම්, නව තාක්ෂණ, නව සේවාවන් 450ක් පමණ එහිදී ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණ. ජාතික මණ්ඩප යාවත්කාලීන කිරීමෙන් රටවල් අතර වෙළඳාම, ආයෝජනය ඇතුළු ප්‍රායෝගික සහයෝගිතා තහවුරු කර තිබීම කැපී පෙනේ.
වර්තමානයේ, ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත්භාවය දුර්වල මට්ටමක පවතින අතර, ගෝලීයකරණයට පටහැනි ප්‍රවණතාව වඩාත් ඉස්මතු වී ඇත. ඒකපාර්ශ්වවාදය, බහුපාර්ශ්වවාදය ද සැලකිය යුතු අයුරින් වර්ධනය වී තිබේ. 7 වන චීන ආනයන ප්‍රදර්ශනයට සමගාමීව ‘ලෝක විවෘත කිරීමේ වාර්තාව-2024’ ද නිකුත් කෙරිණ. ඒ අනුව, 2023 වසරේ ලෝකයේ විවෘත කිරීමේ දර්ශකය 2022 වසරේ පැවති එම අගයට සාපේක්ෂව 0.12%කින් පහළ ගොස් ඇත. 2019 සහ 2008 යන වසර දෙකේ පැවති අගය හා සැසඳීමේ දී වෙන් වෙන් ව 0.38% සහ 5.43%කින් අඩු වී තිබේ. නමුත්, 2023 වසරේ චීනයේ විවෘත කිරීමේ දර්ශකය 2008 වසරට සාපේක්ෂව 11.89%කින් වර්ධනය වී ඇති අතර, වර්ධන අගය ලෝකයේ පෙරමුණෙහි සිටී.
මේ වන විට, විදේශ ව්‍යවසායන් රැසක් 8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්වීම පිළිබඳව එකඟතාවන්ට එළඹ තිබේ. මේ සමග ම, ප්‍රදර්ශන වපසරිය වර්ග කිලෝමීටර් ලක්ෂය ඉක්මවනු ඇත. නොවැම්බර් මාසය අගදී, 2 වන චීන ජාත්‍යන්තර සැපයුම්දාම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත ව තිබේ. විවෘතභාවය යනු චීන මාදිලියේ නවීකරණයේ ඉහළ පිළිබිඹුවක් වන අතර, චීනය ලෝකය වෙත සපයන අගනා සංකල්පයකි.